හිසට පහරදී පියා ඝාතනය කල මාර පුත්‍රයා..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Jul 01, 2024 08:58 AM GMT
Report

ඉපලෝගම පොලිස් වසමේ, හිරිපිටියාගම ප්‍රදේශයේ දී පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ සිදුවීමක් වාර්තා වී තිබේ .

ඊයේ (30) සවස් කාලයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි . මරණකරු හිසේ ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිට බිම වැටී මියගොස් සිටි බවයි පොලීසිය පැවසුවේ.

පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

මෙලෙස මිය ගොස් ඇත්තේ, 66 හැවිරිදි අලුත් පාර, හිරිපිටියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඝාතනය සම්බන්ධයෙන් 34 හැවිරිදි මියගිය පුද්ගලයාගේ පුතා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..

අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..

සැකකාර පුත්‍රයා විසින් ඝාතනයට ලක්වූ සිය පියාට නිතර පහරදීම් සිදුකර ඇති බවත්, ඝාතනය සිදුවන අවස්ථාවේ සැකකරු හා මරණකරු පමණක් නිවසේ සිට ඇති බවත් මරණකරුගේ බිරිඳ විසින් පොලීසියට පවසා තිබුණි .

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඉපලෝගම පොලීසිය විසින් සිදුකරනු ලබයි .