රාජ්‍ය සේවය ගැන ගත්ත තීරණයක් - හෙට පෙරවරුවේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..
Nuwara Eliya
Government Of Sri Lanka
Education
Latest Headlines
Decision Making
By krishani
මධ්‍යම පළාතේ ඇතැම් කලාපවල සිංහල මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිගයට පිළියමක් යෝජනා කර තිබෙනවා.
ඒ විශ්‍රාමික ගුරුවරුන් හා රජයේ විශ්වවිද්‍යාලවල රැකියා විරහිත උපාධිධාරීන් තාවකාලික පදනම මත බඳවා ගැනීමටයි.
ඒ සඳහා නිර්දේශ කරන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින විශ්‍රාමික ගුරුවරුන්ට හා රැකියා විරහිත උපාධිධාරීන් හෙට පෙරවරුවේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී එල් අබේරත්න මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව තාවකාලික පදනම මත අදාළ බඳවා ගැනීම් සිදු කෙරෙයි.