රැකියා ලබාදෙන බව පවසා කෝටි ගණනක් මුදල් වංචා කල ජාවාරම්කරු

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Mar 02, 2023 06:02 PM GMT
Report

 මරදාන පොලිසිය විසින්, කැනඩාවේ රැකියා සහ පදිංචි වීසා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

අනතුරුව අද (2) දින පොලීසිය සැකකරු විදේශ සේවා නියුක්ති කාර්යංශයට භාරදුන් බව එම කාර්යංශය පැවසීය. එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25දෙනෙකුගෙන් ලැබුනු පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කීය.

කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මාර්තු 16වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් කාර්යංශය පවසයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now