තරුණ පරපුරට ජනපතිගෙන් පොරොන්දුවක් - මොකක්ද දන්නව ද?.

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Latest Headlines Decision Making
By krishani Mar 02, 2024 05:29 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. 

තරුණ පරපුරට ජනපතිගෙන් පොරොන්දුවක් - මොකක්ද දන්නව ද?. | Smart Agriculture To Induct Youth Into Agriculture

ඒ තරුණ පරපුර කෘෂි කර්මාන්තයට ‍යොමු කිරීමට ස්මාර්ට් ඇග්‍රිකල්චර් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට අද (02) සහභාගී වූ අවස්ථාවේ දී ය.

එමෙන්ම, යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවයි.