සුළු පරිමාණ නිෂ්පාදකයින්ට සුබ ආරංචියක්.
Sri Lanka
Government Of Sri Lanka
By krishani
අද (01) සිට ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අවසර හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
උත්සවය සමයේ තාවකාලික දින පදනමක් මත මෙම අවසරය ලබාදෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව අද සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමි වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |