බස් වර්ජනය ගැන,වෘත්තිය සමිති සහ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්..!

Sri Lanka Sri Lanka Bus Strike Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 08, 2022 01:53 PM GMT
Report

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් විසින්, සේවයට පැමිණීමට ඉන්ධන ඉල්ලා අද (8) සිට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් කොවිඩ් 19 වසංගතය පැවති කාලයේ පටන් මේ දක්වා මහජනතාව වෙනුවෙන් කරන ලද සේවාව තමා අගයකරන අතර අද (08) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සමග සාකච්ඡා කර ලංගම සේවකයින් වෙනුවෙන් පෙට්‍රල් ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කරන බවයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේ මහජනතාව වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ලෙස ක්‍රියාත්මක වන්නේ දුම්රිය හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ පමණක් වන බැවින් මහජනතාව පීඩාවට පත් නොකර සේවයට වාර්ථා කරන ලෙස තමා සියළුම ලංගම සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සතුව රටතුල ඇති සීමිත පෙට්‍රල් ප්‍රමාණයෙන් කොටසක් ලබා ගැනීමට අද සවස් වරුවේම තමා කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

එම පෙට්‍රල් ප්‍රමාණය ශ්‍රී ලංගම ඩිපෝ වෙත ලබා දී සේවයට පැමිණීම සඳහා ශ්‍රී ලංගම සේවකයින්ට කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් සහ ශ්‍රී ලංගම සභාපති කිංස්ලි රණවක වෙත උපදෙස් දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now