දිස්ත්‍රික්ක 03කින් බයානක රෝගයක් හමුවෙයි..එම දිස්ත්‍රික්ක මෙන්න..දැඩි අවධානයෙන් සිටින්න

Sri Lanka Galle Monaragala Fever Mathara Kaluthara
By Aruna Mar 09, 2022 08:12 AM GMT
Report

 දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින් විශේෂ චර්ම රෝගී තත්ත්වයක් සහ උණ රෝගී තත්ත්වයක් වාර්තා වේ.

විශේෂයෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව එම චර්ම රෝගී තත්ත්වයට උණ රෝගී තත්ත්වයට ගොදුරු වන බවට හදුනාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ මොනරුන් නිසා ජනතාව මෙම තත්ත්වයට ගොදුරු වන බවයි.

වියළි කලාපයේ වැඩි වශයෙන් දැකිය හැකි මොනරා නම් පක්ෂියා මේ වන විට ක්‍රම ක්‍රමයෙන් තෙත් කලාපය ආක්‍රමණය කරමින් සිටී.

පසුගිය වසර 3ක කාලය තුළ අදාළ දිස්ත්‍රික්ක තුනෙහි මොනර ග්‍රහණය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එම දිස්ත්‍රික්කවල ගොවිබිම් ආශ්‍රිතව ප්‍රදේශවල ජනතාව මේ වන විට මෙම චර්ම රෝග සහ උණ රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇත.

මේ සම්බන්ධ අදහස් දැක්වූ ප්‍රදේශවාසීන්….

“මොනරගේ අසූචි හරිම විසයි. මොනරගේ ඇඟේ මැක්කො, උකුණෝ වගේ පොඩි සත්තු ජාතියක් ඉන්නවා.

ඒ සත්තු ගොවි බිම්වලදී මිනිසුන්ට දෂ්ඨ කරනවා. ඊට පස්සේ කළුපාට තුවාලයක් හටගෙන ඊට පස්සේ සමේ රෝග ඇතිවෙනවා.

ඒක ටික ටික ලොකු වෙනවා. රංචු වශයෙන් වී ඇතුළු ගොවිබිම්වලට පැමිණෙන මොනරුන් විශාල වශයෙන් වගා හානි සිදුකරනවා.

එක රංචුවකට මොනරු 25ක් 30ක් විතර ඉන්නවා’ අපිට මේක විශාල කරදරයක්.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now