කුඩු බොන්න අක්කා නංගී විකුණයි..! මෙරටින් ඇසෙන සංවේදී පුවත

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 28, 2022 10:34 AM GMT
Report

පහළොස් හැවිරිදි තම නැගිනිය රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ගෑම් 01කට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුනු අක්කා සහෝදරියක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මුදල් සහ හෙරොයින් ලබා දී එම දැරියව ලබා ගත් හෙරොයින් ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය 26 වැනි වියේ පසුවන එක්දරු මවක් බව පොලිසිය කීය .

දැරියගේ මව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත බන්ධනාගාරගතව ඇත. දැරියව විකුණු අක්කා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නීයක් බව ද පොලිසිය කියයි. මව බන්ධනාගාර ගත වූවායින් පසු දැරිය රැක බලාගෙන ඇත්තේ මෙම තැනැත්තිය විසින් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ .

බටහිර නිල්පනාගොඩ පදිංචි සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුගේ නිවසේ සිටින මෙම කුඩා දැරිය කවුද යන්න පොලිස් නිලධාරීන් විමසා තිබේ. එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු දැරියව පොලීසිය බාරයට ගෙන දැරිය විකුණූ බව කියන සැකකාර අක්කා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now