සිංගප්පූරුවේදී මියගිය නදීකාගේ මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබූ දේ..
සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයකින් වැටී මිය ගිය නදීකා දිල්ශානි ප්‍රනාන්දුගේ දේහය අද (20) ඇයගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතව තිබෙනවා.
මෘත දේහය අද පස්වරුවේ ඥාතීන්ට භාරදී තිබුණු අතරසිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක 8 වන මහලෙන් වැටී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය ඊයේ (19) රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබුවා.
එලෙස මියගොස් තිබුණේ මීට මාස 5කට පමණ පෙර එරට ගෘහ සේවය සඳහා ගොස් සිටි නදීකා දිල්ශානි ප්‍රනාන්දු නම් 42 හැවිරිදි කාන්තාවක් වන අතර මෘත දේහය භාරගැනීම සඳහා ඇයගේ ඥාතීන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොලට පැමිණ සිටියා මිය ගිය නදීකාගේ ඥාතියෙක් පැවසුවේ, "මරණය සැක සහිතයි. ඒ නිසා පරීක්ෂණයක් ඕන."
යනුවෙන් වන අතර ඒ අනුව නදීකාගේ මෘත දේහය මීගමුව මහ රෝහල වෙත ඊයේ රාත්‍රියේම රැගෙන ගිය අතර, එහිදී මරණ පරීක්ෂණය සිදුකෙරුණු බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.
අද පස්වරුවේ පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ නදීකාගේ දේහය අද රාත්‍රියේ දංකොටුව, මොටෑමුල්ලේ ඇයගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතයි , ඉහළ මහළයකින් වැටී සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට සිංගප්පූරු මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.