මෙරට පෞද්ගලික මෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සේවයින් පිරිසකට සිංගප්පූරුවේ දොරටු ඇරෙයි - මසකට වැටුප ලක්ෂ 5ක්?..
මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා අවස්ථාවන් සඳහා යොමු වීමට අවස්ථාව හිමි වී ඇත.
ඒ හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට වන අතර මේ සඳහා රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ට ද හැකියාව පවතියි.
ඊයේ (12) සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රැකියා ලැබූ පළමු කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සිදු කළේ ය.
ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේ දී ය.
මේ සඳහා ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමි වෙයි.
අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතු අතර ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුන හමාර සහ ලක්ෂ පහ අතර ආසන්න වැටුප් ලබා ගැනීමට හැකි ය.
කෙසේවෙතත්, රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් ද හිමි වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |