පොහොට්ටු මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි..

Sri Lanka Politician Shooting Sri Lanka Sri Lanka Podujana Peramuna
By Aruna Aug 03, 2022 12:19 AM GMT
Report

කොටිකාවතිත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇත.

මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා මිය ගොස් ඇත.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන සුමුදු රුක්ෂාන් නැමැත්තෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now