වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Crime
By krishani Feb 28, 2023 08:32 AM GMT
Report

අද (28) උදෑසන අම්බලන්ගොඩ - කුලීගොඩ, මීටියාගොඩ මාර්ගයේ ගොන්නදූව ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 42 හැවිරිදි සුදත් සිරි නැමති මාදම්පාගම, උස්මුදුල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

මියගිය පුද්ගලයා සිය බිරිඳව රාජකාරි ස්ථානයෙන් බස්සවා නැවත නිවස බලා එන අතරතුර දී මෙලෙස වෙඩිතැබීමට ලක්ව ඇත්තේ.

වෙඩිතැබීම කළ පුද්ගලයෙක් හෝ වෙඩික්කරු පැමිණි වාහනයක් පිළිබඳ මෙතෙක් තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇති අතර වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join