මෙරට ජනපතිගෙන් චීනයේ ප්‍රබලයකු ට සුභ පැතුම්..

China
By Sithumi Mar 13, 2023 12:33 PM GMT
Report

තුන්වන ධුර කාලය සඳහාද තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අදාළ සුබපැතුම් පණිවුඩය මගින් ජනාධිපතිවරයා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නායකත්වය යටතේ චීනයේ ප්‍රගතිය අගය කර ඇති බවයි එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගයද එහිදී ජනාධිපතිවරයා විසින් අගය කර තිබෙනවා.

දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිවරයාගේ නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළකරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.