මට ඉස්සර ඉදන්ම ඕන වුනේ සැමියයි දරුවයි එක්ක සතුටින් ජීවත් වෙන්න, ඒ ජීවිතේ දැන් මම ගෙවනවා-ශේෂාද්‍රි ප්‍රියසාද් (PHOTOS)

By Sithumi Dec 30, 2022 06:01 PM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා පවුලක් වන ප්‍රියසාද් කැදැල්ලේ ආදරණීය දෙවන දියණිය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් අදටත් ඇය ආදරණීය අක්කා දිනක්ෂිගෙයි නංගි ශානුද්‍රිගෙයි ආදරය උපරිමයෙන්ම විඳින සහෝදරියක්. 

 ඉතින් චැලෙන්ජර්ස් චිත්‍රපටය හරහා සිනමාවට පිවිසුණු ඇය අද වන විට අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම ඇය පහුගිය කාලයේ ITN නාලිකාවේ විකාශනය වුනු ආලියා ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. කොහොම නමුත් ඇය දැන් ඇයගේ වසර ගණනාවක ඉදන්ම ඇයගේ පෙම්වතා වෙලා හිටපු ජනප්‍රිය ගායක ක්‍රිෂාන් පෙරේරා සමඟ විවාහ වෙලා ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා.  

ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලට පහුගිය දවසක කිරි සිනහවත් අරගෙන පුංචිම පුංචි සිගිති දියණියක් එකතු වුණා. ඉතින් ශේෂාද්‍රි ඇයගේ ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක දැන් ගෙවන සුන්දර ජීවිතේ ගැන පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් විවාහ වුනාට පස්සේ හැමෝම හිතනවා වගේ දරුවෙක් හදලා පවුල ලොකු කරගන්න ඕන කියන කැමැත්ත ඇයටත් ලොකුවටම තිබුනා කියලයි ශේෂාද්‍රි කියන්නේ.  

ඉතින් දරුවෙක් හදන එක ලොකු කාලයක් ගන්නැතුව විවාහ වෙලා ඉක්මනින්ම කරගන්න ලැබුන එක ගැන ලොකු සතුටක් තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට ඉස්සර ඉදන්ම හැමවෙලේම ඕන වුනේ හොඳ පවුල් ජිවිතයක් සතුටින් ගත කරන්නලු. ඉතින් දැන් ඒක ඇයට ලැබිලා තියෙනවා කියලයි ශේෂාද්‍රි කියන්නේ. ඒ වගේම විවාහය කියන්නේ ලොකු උත්සවයක් ගන්න එක විතරක් නෙවෙයි ගැලපීම් නොගැලපීම් එක්ක ජීවත් වෙන එක තමයි විවාහය කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දරුවන්ට ගොඩක් ආසයි වගේම ආදරෙයි කියලයි ශේෂාද්‍රි කියන්නේ.  

ඉතින් ඇය අම්මා කෙනෙක් වෙන්න ඕන කියන එකත් හිතේ ලොකුවටම තිබුන දෙයක් කියලත් ඇය කියනවා. ඒ නිසාම ඇය අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්ත වෙලේ ඒ සතුට දරා ගන්න බැරි සතුටක් කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය මුල ඉදන්ම නොර්මල් ඩිලිවරි එකකට යන්නේ නැහැ කියලා හිතාගෙනම හිටියා කියලත් ඇය කියනවා. ඇයට ඕන වුනේ සිසේරයන් සැත්කමකින් දරුවාව බිහි කරන්නලු. මොකද නොර්මල් ඩිලිවරි එක කරද්දී එන වේදනාවට ඇය ගොඩක් බය නිසා. නමුත් අද දරුවයි සැමියයි එක්ක ඇය එදා ඉදන්ම බලාපොරොත්තු වුන සුන්දර ජීවිතේ අද සතුටින් ගෙවනවා කියලයි ශේෂාද්‍රි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery