භාණ්ඩ කිහිපයක ආනයනය ගැන තීරණයක් - සුඛෝපභෝගි වාහන ආනයනය ගැනත් කුමක් වෙයි ද?..

Parliament of Sri Lanka Maithripala Sirisena Shehan Semasinghe Sri Lanka Politician Sri Lanka Economic Crisis
By krishani May 24, 2023 06:37 AM GMT
Report

ජූනි මාසයේ දී, අත්‍යවශ්‍ය සහ ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.

ඒ සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් පිළිබඳ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

එමෙන්ම එම විවාදයට එක් වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයෙන් ඉල්ලා සිටියේ, වසර 4කට හෝ 05ක කාලයක් සදහා අධි සුඛෝපභෝගි වාහන ආනයනය සම්පුර්ණයෙන් නවත්වන මෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join