ශෂී වීරවංශට එරෙහි නඩුව සම්බන්ධයෙන් අධිකරණය දුන් නියමය.

Sri Lanka
By krishani Apr 28, 2023 09:40 AM GMT
Report

ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 02 වනදා දක්වා කල්තැබීමට නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ය.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ල විය.

මෙම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එදින විත්තිය සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා, මේ ආකාරයෙන් කල් ගියහොත් මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බව විවෘත අධිකරණයේ දී පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join