13 හැවිරිදි දියණිය අපයෝජනය කර ගැබිණියක් කළ පියාට ලැබුණ බරපතල දඬුවම..
වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කර ගැබිණියක් කළ පියෙකුට හම්බන්තොට මහාධිකරණය වසර 45ක බරපතල වැඩ සහිතව සිරදඩුවමක් නියම කළේ ය.
මෙලෙස දඩුවම් නියම වූයේ, 63 හැවිරිදි පුද්ගලයෙකුට වන අතර සැකකරු 2001 වසරේ දී මෙම අපයෝජනය සිදුකර තිබෙනවා.
කෙසේවෙතත්, හම්බන්තොට මහාධිකරණය විසින් රුපියල් 30,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද සැකකරුට නියෝග කළේ ය.
මේ අතර, තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව ඊයේ (30) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුවයි.
එම ගුරුවරයා 44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |