පාසල් දැරියක රවටා උපකාරක පන්ති ගුරුවරයෙක් කළ කැත වැඩේ..
ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයකට ලක් කළ පුවතක් පිළිබඳව තොරතුරු අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම සිද්ධියකට අදාළව උපකාර පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 46 හැවිරිදි මොරගොඩ ප්‍රදේශයේ පදිංචි තොරතුරු තාක්ෂණ විෂය පිළිබද උපකාරක පංති ගුරුවරයෙක් බව සඳහන් වේ.
සැකකාර ගුරුවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව කියන දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් සහ පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර ඇත.
මෙම සැකකාර ගුරුවරයා අදාළ පාසල් සිසුවිය පාසල් එන අතරතුර රවටා එම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ දැරිය අපයෝජනය කිරීමට සැකකාර ගුරුවරයාට කාමර පහසුකම් සළසා දුන් හෝටලයේ අයිතිකරු ද වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.