ලංකාව දාලා ගියාට මම තවම විවාහ වුනේ නැහැ, මම රංගනයෙන් ඈත් වුණා කියන්නෙත් බොරු කටකතාවක්-සමනලී ෆොන්සේකා (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 06, 2023 05:01 PM GMT
Report

නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සුදු චූටිගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඒ වගේම ෆොන්සේකා පරපුරෙන් රංගනයට එකතු වුනු ඇය සුදු චූටිගේ චරිතය හරහා ජනප්‍රියම නිළිය බවටත් පත්වෙන්න වාසනාවන්ත වුණා.

කොහොම නමුත් ඇය දැන් එංගලන්තයේ ජීවත් වන නිසා නිරන්තරයෙන් රංගනය තුළ ඇයව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් පහුගිය කාලයේ හිටිහැටියේම ලංකාව දාල ගිය ඇය ගැන පසුගිය කාලයේ විවිධ කතා පැතිරෙන්න පටන්ගත්තා. හැබැයි ඇය දැන් නැවතත් ලංකාවට ඇවිත් තියෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ඉවර වුණාට පස්සෙ ඇය හිතුවෙ ඇයව ගොඩක් දෙනෙක්ට අමතක වෙයි කියලාලු. නමුත් ඇය මාස හයක කාලයක් කොහේවත් පෙනෙන්න හිටියෙ නැති වුනාට පාරෙ බැහැල යනකොට ගොඩක් දෙනෙක් අහන්නෙ නාඩගම්කාරයෝ දෙක එන්නෙ නැද්ද කියලා වගේම සුදු චූටි ආයෙත් දකින්න ලැබෙන්නෙ නැද්ද කියලාලු.

ඒ වගේම පසුගිය අවුරුදු එකහමාරක කාලය නාඩගම්කාරයෝ නිසා කාර්යබහුල වුන නිසා ඇය හිතුවාලු ටික කාලයක් පුංචි තිරයෙන් අයින්වෙලා ඉන්නව කියලා. නමුත් මේ දිනවල ඇය ඉසුරු වීරසිංහමුදලිගේ අධ්‍යක්ෂණය කරන ජෝර්ජියා ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලට සහභාගී වෙනවා කියලයි සෙනාලි කියන්නේ. ඒ වගේම ඒක සීමිත කොටස් ප්‍රමාණයක නිර්මාණයක් කියලත් ඇය කියනවා.

ඉතින් ඇය පොඩි බ්‍රේක් එකක් ගන්න හිතුවට සිනමාවෙන් හෝ කලාවෙන් ඈත් වෙලා නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය හොරෙන්ම කසාද බැඳල ලංකාව දාල ගියා කියලත් කතාවක් පැතිරුණා කියලත් සෙනාලි කියනවා. නමුත් ඇය සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක් නෙමෙයි නිසා ඒවා ගණන් ගන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයගේ මුල්ම චිත්‍රපටය වන සිරිපැරකුම් තිරගතවෙලා ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න කාලෙත් ඇයට ලංකාව දාල යන්න සිදු වුණා කියලත් සෙනාලි කියනවා. ඉතින් ඒ කාලෙ නම් පුංචි දුකක් දැණුනත් ඒ කාලෙට ඇය හොඳින් මුහුණ දුන්නා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයන් වගේම මාධ්‍යයත් ඇයව කවදාවත් වැට්ටුවේ නැහැ කියලත් ඇය කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery