අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව ගැන ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණයක් ගනී..
ලබන මාසයෙන් පසුව අර්ධ සුඛෝපභෝගි බස් රථ අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,
"අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න.
ඒ අනුව සියලුම බස් හිමියන්ව දැනුවත් කරලා තියෙනවා තමන්ගේ බස්රථය සාමාන්‍ය සේවාවක් බවට හෝ සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න කියලා.
ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා.මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා.මේ වෙද්දි බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා.දැනට සේවා සංශෝධනය මැයි මස 31 වනදා දක්වා සිදුකරන ලෙසට බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා." යනුවෙනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |