බිත්තට වැටලීමට ගිය අටදෙනෙකුට සිදුවූ දේ..

By Sithumi May 04, 2023 05:05 PM GMT
Report

නාරම්මල බිහල්පොල ප්‍රදේශයේ වැඩි මිළට බිත්තර අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක් වැටලීමට ගිය  පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් අට දෙනෙක්ට පහරදීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා මෙම වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ රියැදුරකු ඇතුළු නිලධාරීන් නව දෙනකු සහභාගි වී ඇති අතර එක් නිලධාරියකු හැර නිලධාරීන් අට දෙනකු ප්‍රහාරයට ලක්ව ඇති බව කියා සිටින්නේ.

පාරිභෝගිකයන් පිරිසක් සේ පෙනී සිටිමින් මෙම නිලධාරීන් පිරිස බිත්තර මිළදී ගැනීමට ගිය අවස්ථාවේදී ඇතිවූ සැකයක් මත බිත්තර ව්‍යාපාරිකයා සහ ඔහුගේ හිතවත් පිරිසක් එක්ව මෙම ප්‍රහාරය සිදු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයකු නාරම්මල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනෙක් සැකකරුවන් පිරිස පලා ගොස් සැඟවී සිටින බව වාර්තා වනවා.