කළු කුහර බලන්න ගිය ඉන්දියාවේ රොබෝ - නව වසරේ අභ්‍යවකාශ ගත වූයේ මෙහෙමයි. (VIDEO)

India NASA Satellites Technology
By Wayomi Jan 01, 2024 11:46 AM GMT
Report

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ‘ඉස්රෝ’ විසින් නව වසරේ, විශ්වයේ කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

කළු කුහර ගවේෂණයට, මීට පෙර රොබෝ යානයක් යවා තිබුණේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි.

ඉන්දීය විද්‍යාඥයන්, ඔවුන්ගේ මෙම නවතම රොබෝ ගවේෂණ යානය නම් කර තිබෙන්නේ, ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යනුවෙනි.

කෙටියෙන් මෙම යානය හැඳින්වෙන්නේ ‘එක්ස්පෝසැට්’ ලෙසයි.

කළු කුහර බලන්න ගිය ඉන්දියාවේ රොබෝ - නව වසරේ අභ්‍යවකාශ ගත වූයේ මෙහෙමයි. (VIDEO) | Search For Black Holes Robot From India

නව වසර ආරම්භයේම වැඩ අරඹමින් ඉන්දියාව‘එක්ස්පෝසැට්’ රොබෝ යානය,අද(01) උදෑසන 9.10 ට, ඉන්දියාවේ ශ්‍රී හරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යවනු ලැබුවා.

ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත ‘පී.එස්.එල්.වී. සී 58’ රොකට්ටුවේ ආධාරයෙනි.

‘එක්ස්පෝසැට්’ රොබෝ යානයේ මෙහෙයුම් කාලය අවුරුදු 5 ක්.

කළු කුහරයක් යනු,

විශ්වයේ ඇති ලොකුම අබිරහස ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ කළු කුහරයයි.

කළු කුහරයක් යනු, ආලෝකයට පවා පිටතට යෑමට නොහැකි ආකාරයට, ගුරුත්වාකර්ෂණය ප්‍රබල ස්ථානයකි. කළු කුහර වල ගුරුත්වාකර්ෂණය ඉතා ප්‍රබල වන්නේ, ඒවා තුළ ඇති පදාර්ථය කුඩා අවකාශයක සංකෝචනය වී ඇති බැවිනි.

තරුවක් මිය ගිය පසු කළු කුහර නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ අදහස වන්නේ.

නියුට්‍රෝන තරු යනුවෙන් හැඳින්වෙන්නේ, ගුරුත්ව බලවේග විසින් දැඩිව සම්පීඩනයට පත් කරනු ලැබූ තරුවක, පරිණාම ක්‍රියාවලියේ අවසානයට පත් තරුවකි. ප්‍රමාණයෙන් කුඩා වුවත්, නියුට්‍රෝන තරු ස්කන්ධයෙන් විශාලය.

කළු කුහර බලන්න ගිය ඉන්දියාවේ රොබෝ - නව වසරේ අභ්‍යවකාශ ගත වූයේ මෙහෙමයි. (VIDEO) | Search For Black Holes Robot From India

අභ්‍යවකාශ ගවේෂණයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන ඇති ඉන්දියාව පසුගිය 2023 වසරේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සාර්ථකව සඳට රොබෝ රෝවර් යානයක් සහ ගවේෂණ යානයක් යවනු ලැබුවා.

අනතුරුව හිරු අධ්‍යයනයට ‘ආධිත්‍ය’ යනුවෙන් රොබෝ යානයක් අභ්‍යවකාශයේ ඈත රඳවනු ලැබුවා.

(එන්.ඩී.ටීවී.)


Sponsor By - Sarrita Jewellery