මිනිසුන්ගේ ක්‍රියා නිසා අපවිත්‍ර වන මුහුද හා මියයන මුහුදු සතුන්...
මේ අපි මුහුද ගැන හුඟක් කතාකරන කාලයක්. මුහුද, එහෙමත් නැත්තම් මහා සාගරය කියල කියන්නෙ අපේ ජීවිත වලට, මේ ලෝකයට අපි නොදන්න හුඟාක් දේවල් ලබාදෙන තැනක්. අපි නිසි කලමණාකරණයක් නොමැතිව මුහුදට බැහැර කරන කසල නිසා සාගරයේ ජිවත් වන සතුන්ටද එම සතුන් ආහාරයට ගන්න අපටද මෙම කසල නිසා හානියක් සිදුවේ.
වසරකට ප්ලාස්ටික් හා දිරා නොයන අප ද්‍රව්‍ය ටොන් මිලියන 13 කටත් වඩා ලොව පුරා සාගර පරිසර පද්ධතියට එකතුවේ. එයින් 80%ක් එකතු වන්නේ රටවල් 20 කින් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත. චීනය විසින් සාගරයට මුදා හරිනු ලබනු ලබන ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කි.
ප්‍රධාන පුවත්පත් වාර්තා කරන්නේ ලංකාව තවමත් මහ සයුරට ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය දමන රටවල් අතරින් ඉහළින්ම සිටින බවයි. ලංකාව අවට පිහිටි මහාද්වීපික තටකය සහිත සමුද්‍ර කලාපය මත්ස්‍ය සම්පතින් පොහොසත්ය. මෙලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය දැමූ විට මසුන්ට ජීවත්වීමට ද අවදානම් කලාපයක් නිර්මාණය වන අතර මත්ස්‍ය ශරීර තුළට ප්ලාස්ටික් කොටස් යාමෙන් පසු ඒවා ආහාරයට ගැනීම මිනිසාට ද අහිතකර වේ. පසුගියදා ජත්‍යන්තර මාධ්‍ය හෙළි කළේ ඉන්දුනීසියාවේ වෙළඳපළේ මසුන්ගෙන් ¼කගේ පමණ ප්‍රමාණයක සිරුරේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇති බවයි.
එලෙස මුහුදට කැළිකසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමනාකරණයේ දුර්වලතා නිසාය. ප්ලාස්ටික් හා දිරා නෙයන අප ද්‍රව්‍ය නිසා ලොව පුරා සාගර වල වෙසෙන සත්ත්ව හා ශාක විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන තිබේ. එය මෙම දශකය තුල හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට දැනටමත් පත්වී හමාරය.
අප රටේ ධිවරයන් බෝට්ටුවල ගෙනියන ජල බෝතල්, ප්ලාස්ටික් දවටන ආදිය විසි කරන්නේ මුහුදටය. වෙරළ ආශ්‍රිතව ප්ලාස්ටික් කසල බහුලව ගොඩ ගැසේ. ලංකාව වටා පිහිටි සමුද්‍ර මාර්ගයේ ගමන් ගන්නා තැන්වලින් වීසි කරන ප්ලාස්ටික් කසල ද එකතු වන්නේ අපේ මුහුදටය.
පසුගිය කාලයේ ලෝක ප්ලාස්ටික් නිෂ්පාදනය විශාල වශයෙන් ඉහළ ගියේය. භාවිතයෙන් පසු ඉවතලන ප්ලාස්ටික් කසල ඉවත් කිරීමේ පහසු මාර්ගයක් ලෙස සමහරු සාගර සලකති. ලෝකයේ සමහර සාගර කලාප ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පිරී ගොසිනි. සංවර්ධනය වෙමින් පවතින අධික ජනගහනයකින් යුත් රටවල් බහුල නැගෙනහිර ආසියාව ප්ලාස්ටික් කසල බහුලම සාගර කලාපය සේ සැලකේ
වර්ෂ 2025 වනවිට මුහුදට ප්ලාස්ටික් හා කසල දැමීම ලංකාව තුළ බරපතළ ලෙස ඉහළ යන බවට අවදානමක් මතුව තිබේ. අවදානමෙන් මිදීම සඳහා පසුගිය කාලයේ ද විවිධ පියවර ගත්ත ද ඒවා සැලසුම්වලට පමණක් සීමා විය. ධීවරයන් මුහුදට රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීම, මුහුදට කසල බැහැර කිරීම වැළැක්වීම ඇතුළු පියවර රාශියක් මෙහිදී අනුගමනය කිරීම ඇවැසිය.
කැලි කසල හා ප්ලාස්ටික් නිසා විනාශ වු මුහුද හා සතුන් කිහිපදෙනෙකුගේ ඡායා රූප පහතින්.