පාසල් සිසුන් සදහා අද සිට ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාව..

Sri Lanka
By krishani Aug 01, 2022 02:35 AM GMT
Report

ප්‍රවාහන ගැටලුවලට මුහුණදෙන පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් අද(01) නව පාසල් බස් රථ සේවාවක් ආරම්භ කෙරෙන අතර නව සේවාව සඳහා බස් රථ 40 ක් පමණ යෙදවීමට සැළසුම් කර ඇති බව ජාතික ගමනානමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ය.

පාසල් දරුවන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව යටතේ අයකරනු අතර කොළඹ පිහිටි ප්‍රධාන පාසල් සහ ගම්පහ, කලුතර, හොරණ, මහරගම ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පාසල්වල දරුවන්ගේ ගමන් පහසුව සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

බස් රථ උදෑසන 7.30 පෙර පාසල වෙත ළඟා වන අතර ප.ව 1.30 සිට පාසල් අසලින් පිටත් වීමටයි සැලසුම් කර ඇත.

මෙම සේවයට අනුබද්ධ බස් රථ සඳහා ඉන්ධන සැපයීමේ ක්‍රමවත් වැඩ පිළිවලක් ක්‍රියාත්මක කෙරෙන අතර මුල් අදියර බස්නාහිර පළාතට සීමා කර තිබේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථන අංකයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් සේවාව පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join