පාසල් වෑන් රථ ගාස්තු ගැන විශේෂ තීරණයක්..!

Sri Lanka Transport Fares In Sri Lanka
By Sewvandhi Mar 30, 2023 02:45 AM GMT
Report

පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල අඩුවීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ප්‍රතිශතයක් ලෙස මිල අඩුකිරීම අපහසු වන බැවින් කතා කරගෙන මිල ගණන් තීරණය කළ යුතු බවය.

"වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේ දී ත් එතුමන්ලා සමග කරලා අඩු කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මොකද අපිට ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දුවන ප්‍රමාණ එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා තෙල් මිල පහළ යාම මත එය සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now