ශිෂ්‍යාවන් 6 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ පාපතර ගුරුවරයා - මෙරටින් ඇසෙන හදකම්පා කරන පුවත
Sri Lanka Police
Sri Lanka
Crime
By Sewvandhi
මුලතිව් ප්‍රදේශයේ ශිෂ්‍යාවන් හය දෙනෙකු ලිංගික අතවරවලට ගොඳුරු කළ පාසල් ගුරුවරයකු වහා ම අත් අඩංගුවට ගන්නා ලෙස මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් සැකකරු ව අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇත්තේ, 30 වැනි දා යි.
මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
සිද්ධිය සිදු වූ දවසේ අදාළ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු මෙම ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ, ඔවුන්ට ප්‍රේම සබඳතා ගොඩ නඟා ගැනීමට අනුබල හා උදව් උපකාර දෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |