ප්‍රධාන පාසලක 11 වසර සිසුවෙක් Facebook Live ඇවිත් පාසලේ වැරදි එළිපිටම කියයි...ගුරවරුන්ට කටඋත්තර නැතිවෙයි.(VIDEO)
මේ ඉන්නේ නිෂාන් ප්‍රබෝධන. තංගල්ලේ පදිංචි අවුරුදු 16 ක මල්ලි කෙනෙක්.
ඒ මල්ලි අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මැදමුලන D.A.Rajapaksa විද්‍යාලයේ. අද ඒ මල්ලි Facebook Live එකක් යනවා. ඒ ඔහු O/L Admission ගන්න ගිය වෙලාවේ.
මීට එහා දේවල් ටික ලියන්න කලින් කියන්න ඕන අපේ අම්මත් ගුරුවරියක්. (නැත්තන් මේ ගුරුවරු එක්ක ඇරියස් එකට ලියනවා කියයි) මේ වීඩියෝ එක බලපු නැති කට්ටිය මුලින් ඒක බලලා හිටියා නම් වටිනවා
:
ඉස්කෝලේ වුනහම විනයක් තියෙන්න ඕන. ඒක ඇත්ත. අපිට පිලිවලට ඉන්න උගන්වන්නේ එතනින්.
හැබැයි ඒ විනය කවදාවත් ළමයෙක්ගේ ඉරණම තීරණය කරන තැනට පත්වෙනවා නම් ඒක කණගාටුවට කරුණක්. D.A Rajapaksa විද්‍යාලයේ ඉගෙනුම ලබපු මේ සිසුවාට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දීලා නැහැ.
එකට හේතුව විනය. කොල්ලා නම් කියන්නේ වරක් ඉස්කෝලේ රැස්වීමේදී එම විද්‍යාලයේ විදුහල්පති විසින් මේ කොල්ලගේ කොණ්ඩය තැනින් තැන කපපු නිසා මේ කොල්ලට සිද්ද වෙලා තියනවා කොන්දේ සම්පුර්ණයෙන්ම ගහලා දාන්න.
පස්සේ ඒක හේතුවක් කරගෙන තමයි කොල්ලට ඉස්කෝලේ එන්න දීලා නැත්තේ. ඊට අමතරව 11 වසරට අදාළ අච්චුපොත් ටික මේ ළමයට ලබාදීම ගුරුවරු ප්‍රතික්ෂේප කරලා තියනවා.
පසුව පොලීසිය හරහා ගිහින් තමයි අච්චු පුත් ටික ගන්න වෙලා තියෙන්නේ.
ඒ ඔක්කොම කමක් නැහැ කියමුකෝ, මේ කොල්ලා දිගින් දිගටම තමන්ට ඉස්කෝලෙන් අසාදරණය වෙන නිසා අස්වීමේ සහතිකය ඉල්ලලා තියනවා වෙන ඉස්කෝලෙකට යන්න.
ඒකත් විදුහල්පති ප්‍රතික්ෂේප කරලා තියනවා. මේ වීඩියෝ එක බලන ඕන කොල්ලෙක්ගේ ඇස් වලට කඳුළු එනවා.
මොකද පෞද්ගලිකව අපි හැමෝම දන්නවා අපේ පන්ති වලත් මේ වගේ අසාදාරණ වුනා.
අපිත් එක්ක හිටපු ගොඩක් කොල්ලන්ට අවුරුද්දක පන්ති තහනමක් දැම්මේ නැති වුනත්, අච්චු පොත් නොදී ප්‍රතික්ෂේප කිරීම, පන්තියෙන් කොන් කිරීම, ඉගෙන ගන්න වෙලාවට පාසැල් වත්ත සුද්ද කිරීමට යැවීම වගේ දෙවල් සුලභව වුනා.
මේකෙන් වුනේ පාසැල විසින්ම සමහර ළමයින්ව "ඉගෙන ගන්නේ නැති ළමයින් ගොඩට" තල්ලු කරලා දැම්ම එක.
මේ කොල්ලා ෆෝන් එකක් ඉස්කෝලෙට අරන් ගිය එක ගැන මිනිස්සුට තර්ක කරන්න පුළුවන්.
මන් හිතන්නේ ඔහුට වුන අසාදරණය රටටම පෙන්නන ඔහු මේ ෆෝන් එක අරන් ගිහින් ලයිව් දුන්න එකට මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්.
ඇත්තම කිව්වොත්, මේක ලියන මටවත් එච්චර කොන්දක් ඒ කාලේ තිබ්බේ නැහැ. විදුහපති, ගුරුවරු කොච්චර අසාදාරණ කලත් අපිත් එව්වට බය වෙලා හිටියා.
අනික් ලොකුම හේතුව මේ ළමයා කියනවා වගේ, අපේ දෙමව්පියෝ.
ගොඩක් වෙලාවට දෙමව්පියින් පවා ළමයාගේ පැත්තෙන් ප්‍රශ්න බැලුවේ නැහැ. හැමදාම හිටගත්තේ ගුරුවරුන්ගේ පැත්තේ.
මේ ළමයාගේ තාත්තත් ලැජ්ජා වෙනවා "වරෙන් ගෙදර යමු, ෆෝන් එක ඕෆ් කරහන්, උඹ අපේ නම්බුව කනවා, ලැජ්ජ කරන්න එපා" කියාගෙන.
හැබැයි පුතාට වෙලා තියන අසාදරණය ගැන කතා කරන්න තාත්තට මේ මොහොතේ වත් ඇස් ඇරෙන්නේ නැති එකට දුකයි.
මන් හිතන්නේ Ministry of Education, Sri Lanka මේ ගැන කඩිනමින් හොයලා බලන්න වෙනවා.
මෙයාලත් මෙව්වට වග කියන්න ඕන. දෙන පඩිය අරගෙන පුටුව රත් කරගෙන ඉන්නවා මිසක්, පාසල් system එක ඇතුලේ වෙන දේවල් හරියට හොයලා බැලුවා නම් මේ වගේ අසාදාරණ සිදුවෙන්නේ නැහැ.
ඒ අස්සේ ගුරුවරයෙක් අහනවා "දැන් අපි මොකක්ද මේකට කරන්න ඕන?" කියලා අවුරුද්දක් නැති වුන ඒ ළමයාගේ අධ්යපානයට මොකද වෙන්නේ?
23 වෙනිදා ඔහු සාමාන්‍ය පෙළ විභාගයට ගිහින් ලියන්නේ මොකක්ද? ටියුෂන් පන්තියක ළමයෙක් කොන්ඩේ පීරන්නේ නැතිව ආවොත් ඒ ළමයින්වත් එළවනවද?
නැත්තන් මුදල් ලැබෙන නිසා ඒක අවුලක් නැද්ද? මේ ළමයාගේ අහිමුවු කාලයට ලබාදෙන වන්දිය කුමක්ද?
මේ ළමයට වුන අසාදරනයත් එක්ක සාමාන්‍ය පෙළ සමත් වෙන්න බැරි වුනොත්, ඔහුගේ අනාගතයට වග කියන්නේ කවුද?
මේ ළමයා තමන්ගේ ළමයෙක් නම් මේ විදිහටම සලකනවද?
මල්ලි, උඹලා වගේ උන් මේ සමාජෙට එන එක ගැන පට්ට ආඩම්බරයි.
දෙවන පෙළ පරම්පරාවක් හැදුනොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්.
අසාදාරණයක් වුනොත් ඒකට එරහිව පෙනී ඉන්න දෙපාරක් හිතන්න එපා.
මේ රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ අපි හැමදේම කට වහගෙන බලන් හිටපු නිසා.
දැන්වත් නැගිටිමු.!
සටහන : Hamza Haniffa
උපුටා ගැනීමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |