අගෝස්තු 1වනදා සිට් ඇරඹෙන "පාසල් සේවය" - විශේෂ දැනුම්දීමක්
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට පාසල් සේවාව නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 01 දා සිට බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයේ යෙදෙනු ඇති.
මේ සදහා ගුරු- සිසු දෙපිරිසට ම මුදල් ගෙවා අපහසුවකින් තොර ව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා.
දරුවන්ට අපහසුවකින් තොර ව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත් ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදීයි මෙම පියවර ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |