පාසලකට හොරු පනී..(VIDEO)

Galle Sri Lanka
By Sewvandhi Jan 09, 2023 09:39 AM GMT
Report

ගාල්ල, නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තිබූ ලැප්ටොප් පරිගණක කිහිපයක් ඇතුළු වටිනා උපකරණ රැසක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ.

දීර්ඝ නිවාඩුවකට පසුව අද (09) උදෑසන පාසල විවෘත කරන අවස්ථාවේදී අදාළ සිද්ධිය පිළිබඳ දැනගත් බවය. ඊයේ රාත්‍රියේ හෝ මීට දින කිහිපයකට කලින් සොරකම සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

එසේ සොරගෙන ඇත්තේ, පාසලේ කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණක කිහිපයක්, ඈම්ප් එකක් සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් බව වාර්තා වෙයි.

මීට අමතරව‍ පාසලේ තිබුණු මුදල් ද රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ

පාසල් ගොඩනැගිල්ලක ජනේලයකින් පාසල තුළට ඇතුළු වී කාර්යාලයේ තිබූ කබඩ් සියල්ල කඩා බිඳ එහි තිබූ ලිපිලේඛන පවා තැන තැන දමා ගොස් ඇති ආකාරය අද උදෑසන දැකගන්නට ලැබුණු බව වාර්තාකරු වැඩිදුරටත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now