සිසුවියක් සිපගත් පාසල් ගුරුවරයා අත්අඩංගුවට..!

Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Mar 05, 2023 11:56 AM GMT
Report

 රත්ගම පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සිසුවියක් සිප ගැනීම හේතුවෙනුයි.

ඔහු මෙලෙස සිපගෙන ඇත්තේ එම පාසලේම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

පඩි පෙළක් මතින් ගමන් කරමින් සිටියදී සිසුවියගේ අතින් ඇද මෙලෙස හැසිරී ඇති බවටයි අදාළ ගුරුවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ තාක්ෂණික ගුරුවරයා වන අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now