උද්‍යානයක අශෝභන ලෙස හැසිරුණු 13 හැවිරිදි පෙම්වතිය හා 30 හැවිරිදි පෙම්වතා හසු වෙයි..

students Sri lanka culture
By Sithumi Jan 16, 2022 04:43 PM GMT
Report

වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක් නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාව යටතේ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

දැරිය පාසල් යන බව පවසා නිවසින් ගොස් මාතර බෝධිය අසලට පැමිණ 30 හැවිරිදි පෙම්වතා හමු වී පාසල් ඇඳුම් මාරු කරගෙන වෙනත් පාට ඇඳුමකින් සැරසී මාතර බස් නැවතුම් පොළට දෙදෙනාම පැමිණ මාතර - තංගල්ල බසයකින් තංගල්ල ප්‍රදේශයට පැමිණ තිබේ.

පසුව මොවුන් දෙදෙනා තංගල්ල උද්‍යානයක අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දැරිය සහ 30 හැවිරිදි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ මාතර මූලස්ථාන පොලිසිය දැනුවත් කර ඇත. මාතර මූලස්ථාන පොලිස් නිලධාරීන් පිරිසක් තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ සැකකරු සහ දැරිය අත්ඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් විමර්ශන කටයුතු සිදු කර තිබේ.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණක් සඳහා මාතර මහ රෝහලට ඉදිරිපත් කර ඇති බවත් 30 හැවිරිදි සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් නියමිත බව මාතර මූලස්ථාන පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now