අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 12, 2023 01:11 PM GMT
Report

බලන්ගොඩ ප්‍රදේශයේදී, වලවේ ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වු සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.

එම සිසුන් දෙදෙනා ඊයේ (11) වැලිහරනාව ජල පොම්පාගාරය ආසන්නයේදී අතුරුදන්ව තිබෙනවා.

අද (12) දිනයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සිරුරු සොයාගත් බව බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.

17 හැවිරිදි සිසුවෙක් සහ 15 හැවිරිදි සිසුවෙක් මෙම අනතුරට මුහුණ දී තිබුණි.

ඔවුන් බලන්ගොඩ ජාතික පාසලේ සහ බලන්ගොඩ සී.සී.දෙමළ විදුහලේ ඉගනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now