මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවේ

By Sithumi Feb 18, 2023 11:52 AM GMT
Report

මාතර වැල්ලමඩව මුහුදේ දිය නෑමට ‌ගොස් අතුරුදන් වූ සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (18) ධීවරයින් පිරිසකගෙන් ලද ‌තොරතුරක් මත නාවික හමුදා සහ පොලිස් ජීවීතාරක්ෂක කිමිදුම්කරුවන් විසින් එම සිරුර ‌සොයා ගත් බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි මාතර කඹුරුපිටිය පාසලක ඉගනුම ලබන සිසුවෙක්.