එකවර කොවිඩ් එන්නත් දෙකක් ලබා දුන් පාසල් සිසුවාට සිදු වූ දේ
ගලහා දෙල්තොට කරගස්කඩ ජාතික පාසලේ සිසුවකුට කොරෝනා වයිරසය මැඩලීමට ලබා දෙන ෆයිසර් එන්නත එකම අවස්ථාවේදී දෙවතාක් ලබා දුන් බවට එම සිසුවාගේ පියා ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ට පැමිණිල්ලක් කර ඇත.
මෙම පාසලේ 10 වසර පන්තියේ ඉගෙනුම ලබන දෙල්තොට ග්රේඩ්වැලි ප්‍රදේශයේ පදිංචි එම සිසුවාට මෙසේ එන්නත් දෙකක් විඳීම පිළිබඳව ඔහුගේ පන්තිභාර ගුරුවරයා ද පැමිණිලි කර ඇත.
එන්නත ලබා දීමට පෙර කාඩ්පත ලිවීම හා බෙහෙත් විදීම එකම ස්ථානයක සිදුකොට ඇති අතර පහළොස් හැවිරිදි මෙම සිසුවා පෝලිමේ විත් කාඩ්තෙ ලිවීමට දී වාඩි වූ පසු එන්නත විද ඇති අතර කාඩ්පත නැවත දෙන තුරු එහි රැඳී සියදී යළි මෙම සිසුවාට එන්නත විදිනු ලැබූ නිලධාරීනිය විසින් තවත් එන්නතක් විද ඇත.
කාඩ් පත ලියූ හා එන්නත ලබාදුන් කාන්තාවන් දෙදෙනා කතාබහක යෙදී සිටිමින් මෙම කටයුත්ත සිදු කළ බව එම සිසුවා පවසයි. මෙම සිද්ධියට මුහුණ සිසුවා සිතා ඇත්තේ හැමෝටම එන්නත් දෙකක් විදින බවයි.
නමුත් එළියෙ සිටි අනෙක් සිසුන්ගෙන් විමසීමේ දී ඔවුන්ට එක එන්නතක් පමණක් විද්ද බව පැවසීම නිසා මේ පිළිබඳව ඔහු පන්තිභාර ගුරුවරයාට දැන්වීමෙන් පසු ඒ බව මෙසේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත දන්වා තිබේ .
මේ පිළිබඳව සිසුවාගේ පියා ද ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් විමසා ඇත. එම සිසුවා එක් දිනක් රෝහල්ගත කරන ලෙසත් මෙම එන්නත සැර අඩු නිසා බිය විය නොමැති එහි නිලධාරියකු පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |