පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂාව ගැන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 30, 2022 02:04 PM GMT
Report

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම් මෙහෙයුම්වලදී පාසල් සිසුන් පරීක්ෂා කළ යුත්තේ ඒ සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now