සවුදි අරාබි රජයෙන් ලංකාව ගැන ගත් තීරණය..

Sri Lanka
By krishani Jul 02, 2022 02:03 AM GMT
Report

සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් හමුවී සාකච්ඡා කර තිබෙන අතර මෙරට පවතින ඉන්ධන අර්බුදය ඇතුළුව වර්තමාන ආර්ථික තත්ත්වය සහ ලංකාවේ සියලු ක්ෂේත්‍රයන් කෙරෙහි එමගින ඇති කෙරෙන ඍණාත්මක බලපෑම පිළිබඳව සාකච්ඡා කළ බව විදේශ කටයුතු  අමාත්‍යංශය කියාසිටියේ ය.

ශ්‍රී ලංකා - සෞදි අරාබියානු ද්විපාර්ශ්වික සබඳතාව හා බැඳුණු වැදගත්කම පිළිබඳව අවධාරණය කළ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට සහතික වූ බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත්  සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join