සරණට අධි චෝදනා..!

Sarana Gunawardena Sri Lanka
By Sewvandhi Feb 20, 2023 08:48 AM GMT
Report

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට, 2006 අගෝස්තු මස 01 වැනි දා සිට 2007 වසරේ ජූලි 31 වැනි දා දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව ඔහුට රුපියල් 30,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (20) නියෝග කළා.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව මාර්තු 23 වැනි දා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අදාල කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අවභාවිතා කිරීමත් තුළින් රුපියල් 3,510,000ක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබුණා.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now