රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පොලිස් ලොක්කෙක්ව හරවා යැවූ හේතුව

Sri Lanka
By Sithumi Apr 20, 2023 03:13 PM GMT
Report

ආනමඩුවට පොලිස් ස්ථානාධිපති ලෙස පත් කෙරුණු නිලධාරියාට සිය විරෝධය පළ කර එරෙහි වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. මෙම සිද්ධිය රාජ්‍ය අමාත්‍යවරයාගේ නම සඳහන් කිරීමෙන් තොරව අද ජාතික පුවත්පත් ද වාර්තා කර තිබෙනවා.

ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ පත්වීම පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීමෙන් අත්හිටුවා ඇති බවයි ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේ

, "ඒ සඳහා අලුත් නිලධාරියෙක් පත්කරලා එවලා තියෙනවා ඔහු මීට පෙර මාදම්පේ පොලිස් OIC කරලා ඔහුට අක්‍රමිකතා සහ දූෂණ එල්ල වෙලා ඔහු වැරදිකාරයා වෙලා තමයි පිටත් කළේ

ඔහු මගේ ආසනයට එවපු එකටයි මම විරුද්ධ වුණේ ඒ සම්බන්ධයෙන් මම ලිඛිතව දැනුම් දුන්නා ස්ථානාධිපති පත්කිරීමේදී අපි බලපෑම් කරන්නේ නැහැ හැබැයි දූෂිතයින්ට මගේ ආසනයට එන්න දෙන්නේ නැහැ"


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now