බැංකු සේවකයින් ලෙඩ වෙයි..!

Sri Lanka Strike Sri Lanka
By Sewvandhi Apr 06, 2023 02:29 AM GMT
Report

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය ප්‍රකාශ කරන්නේ, සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බවයි.

එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.

එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේ, ආර්ථිකමය වශයෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බවය.

මේ අතර දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

එම සංගමයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, බලධාරීන්ගෙන් සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now