ප්‍රධාන බැංකුවක් සම්බන්ධයෙන් රජය හදිසි තීරණයක් ගනී..වැඩි විස්තර මෙතනින් දැනගන්න..
අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බවයි, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසුවේ.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද එක්ව වු බව සඳහන්.
මේ අතර මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වාගෙන යාම සඳහා මෙතෙක් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා බව මහ බැංකුව විසින් දැනුම්දී තිබෙනවා.
ඒ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමිනුයි.
කෙසේ වෙතත්,එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙසේ මහ බැංකුව හකුලා ගනු ලබන්නේ, 2022 මැයි 19 සහ 2023 පෙබරවාරි 16 දිනැති ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් පෙර නිකුත් කළ නියෝගයන් බවටයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |