හෙළිකොප්ටරේ 04ක් සමගිජනබලවේගයට යයි..එකම දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරු 04ක්..

Kurunegala Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya
By Aruna Apr 24, 2023 04:08 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට විපක්‍ෂයට එක්ව නිදහස් ජනතා සන්ධානය යටතේ සන්ධානගතව සිටි මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සමගි ජන බලවේගය පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජන කරන අය වන අතර ඔවුන් මේ වන විට හෙළිකොප්ටර් ලකුණින් යුතු නිදහස් ජනතා සන්ධානය යටතේ සන්ධානගත වී සිටි අය බවයි පැවසෙන්නේ.

මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් එක් අයෙකුට යාපහුව ආසනය සමගි ජන බලවේගය සංවිධායක ධූරය දැනටමත් ලබා දී තිබේ.

මන්ත්‍රීවරයා මෑතකදී සිය ප්‍රදේශයේ හිතවතුන් කැඳවා ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සමගි ජනබලවේගයේ යටතේ තමන් තරග වදින බවත් ඒ සඳහා සහයෝගය දෙන ලෙසත් ඉල්ලා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now