ආණ්ඩුවට සජබෙන් චෝදනාවක්.
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
SL Protest
Samagi Jana Balawegaya
By krishani
ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආණ්ඩුව උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ ය.
ඊයේ (18) රාත්‍රියේ, කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු අටදෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ, දැනට බන්ධනාගාරගත කර සිටින එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක ඇතුලු සිසුන් දෙදෙනා නිදහස් කරන ලෙස බල කරමින් ය.
මේ අතර සැකකරුවන් අද (19) පෙරවරුවේ, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළේ ය.
කෙසේවෙතත්, එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |