සමගියේ ප්‍රබලයින් 03ක් ආණ්ඩුවට එක්වෙයි?...
හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් යන සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ එක්වී රජයට සහය දක්වනු ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.
එම පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම හැර යාම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස අනවශ්‍ය ලෙස පක්ෂයේ කටයුතුවලට මැදිහත් වීම ද බලපා ඇති බවයි.
මෙම බිඳී යාම වළක්වා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවද වාර්තාව කියා සිටී.
සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට එක්වීමට ගෙන ඇති තීන්දුව සමග ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබලයට පත්වී ඇති බවත් ඒ දැනට එම පක්‍ෂය දරන ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් ඉවත් වී එම අමාත්‍ය ධුර විපක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිතව ඇති නිසා බව ද වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අදාළ පුවත ප්‍රතික්ෂේප කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් මගින් කියා සිටින්නේ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |