සජබයේ 15ක් රනිල්ට..සජිත්ට විපක්ෂනායකත්වයත් නැතිවෙයි?..
Ranil Wickremesinghe
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
Harin Fernando
By Aruna
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය.
නව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පිහිටුවන කැබිනට් මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්වීමට නියමිතව ඇති බවත් ඔවුන් අතරින් කිහිප දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූර ලබා දෙනු ඇතැයි ද වාර්තා වෙයි.
ඒ සමගම විපක්‍ෂයේ බහුතරය අහිමි වී යාමක් සමගම සජිත් ප්‍රේමදාස මහතා දරමින් සිටින විපක්ෂ නායක ධුරය අහිමිවී විපක්ෂයේ බහුතරය දරන පක්‍ෂයක් හෝ කණ්ඩායමක් වෙත හිමි වීමේ අවදානමක්ද මතුවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |