සජබය පෙත්සම් ඉල්ලා අස් කර ගයි..!
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
By Sewvandhi
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 2 ක ඔවුන් විසින්ම ඉල්ලා අස්කරගනු ලැබිණ.
එසේ ඉල්ලා අස්කර ගනු ලැබුවේ නියමිත අයුරින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම අධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව දැනටමත් කටයුතු සිදුවෙමින් පවතින බවට සෑහීමකට පත් වීමෙන් අනතුරුවය.
මෙම පෙත්සම් එස්.තුරේරාජා, ඒ.එච්.එම් නවාස් සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |