ලුණු කන ඔබ කන්නේ මොන ලුණුද කියලා දැනගන්න කියවිය යුතුම ලිපියක්…
මිනිසා විසින් අතීතයේ සිටම ආහාර කල් තබාගැනීම සඳහා බඳුන්වල ඇසිරීම, කෘත්‍රිම ශිතකරණය වැනි විවිධ ක්‍රම භාවිතා කර ඇතත්, විශේෂයෙන්ම මස් වර්ග කල් තබාගැනීම සඳහා වසර දහස් ගණනකට පෙර සිට භාවිතා කළ උපක්‍රමයක් වූ ලුණු දැමීම මේ අතරින් වඩාත්ම ජනප්‍රිය එකක් විය. ඉතා ඈත අතීතයේ දී ලුණු කර්මාන්තය සිදු කළ බවට සාක්ෂි රුමේනියාවේ පුරාවිද්‍යා කැණීම්වලින් හමු වී ඇත. මහත්මා ගාන්ධිතුමන් 100,000 පමණ වූ ඉන්දියානු ජනයා සමග එවක පැවති ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව අරගලයක යෙදුවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පැනවූ අසාදාරණ ලුණු බද්ධට විරුද්ධවය. ලුණු යනු ප්‍රධාන වශයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සමන්විත වුණු ඛනිජයකි. සත්වයන්ට ජීවත් වීම සඳහා ලුණු කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය නමුදු වැඩිපුර ශරීරගතවීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකිය.
මූලික රසවලින් එකක් වන ලුණු ආහාර රසකාරකයක් ලෙස ලොව පුරාම භාවිතා කෙරෙයි. මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරන ලුණු අපිරිසිදු ලුණු (උදා: මුහුදු ලුණු), පිරිසිදු ලුණු (මේස ලුණු) සහ අයඩීන් මිශ්‍රිත ලුණු වශයෙන් කිහිප ආකාරයකින් පවතියි. මුහුදු ජලයෙන් හෝ පාෂාණ නිධිවලින් ලබාගන්නා සාමාන්‍ය ලුණු ස්ඵටික සුදු, ලා රෝස හෝ ලා අළු පැහැ ගනියි. ආහාරයට ගන්නා ලුණු ඒවායේ ඛනිජ අන්තර්ගතය නිසා අළු පැහැයකින් දිස්වෙයි. ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටක වන ක්ලෝරයිඩ් සහ සෝඩියම් අයන සියලුම ජීවීන්ට තම පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙයි.
ශරීරයේ ජල අන්තර්ගතය පාලනයට ලුණු දායක වෙයි. නමුත් අධික ලෙස ලුණු භාවිතය අධි රුධිර පීඩනය වැනි භයානක රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. මේ නිසා ආහාරයට ගන්නා සෝඩියම් ප්‍රමාණය පාලනය කිරීමට සීමා සෞඛ්‍ය බලධරයන් මගින් පනවා ඇත.
අශුද්ධ ලුණු
විවිධ ස්වභාවික ලුණු වර්ගයන්හි විවිධ ඛණිජ ද්‍රව්‍ය අඩංගුය,එහෙත් මේවා එකම රසක් ගෙනදේ.එනම් ලුණු රසයයි. ස්වශාවික මුහුදු ජලය ඇසුරෙන් ලබාගන්නා ලුණු කුමන ප්‍රදේශයකින් ලබාගත්තද එකම ලුණු රස ගෙනදෙයි.සාම්ප්‍රධායික කොරියානු මුළුතැන්ගෙයි භාවිත කරන ලුණු බම්බු ලුණු ලෙස හදුන්වයි.මෙම බම්බු ලුණු කොරියානුවන් විසින් සාදාගන්නේ මෙසේය.මැටියෙන් දෙපස ආවරණය කළ බම්බුවක ලුණු බහා තැපීම මෙහිදී සිදුකරයි.උණ බම්බුවක් වැනි බම්බුවක් ගෙන එයට ලුණු දමා දෙපස මැටියෙන් ආවරණය කිරීම මෙහිදී සිදුවේ.එමගින් ලුණු වල අහිතකර රසායන දුන්ය ඉවත් නර පිරිසිදු ලුණු ලබාගතහැකිබව ඔවුන් විශ්වාස කරති. පරිසිදු නොකළ ලුණු තුල මැග්නීසියම් හා කැල්සියම් අන්තර්ගත බැවින් තරමක තිත්ත රසක් ඇත.මෙම අශුද්ධ ලුණු ආහාර සදහා භාවිතා කිරීම ඉතා අවමය.බොහෝ විට මෙම පිරිපහදු නොකළ ලුණු විද්‍යාත්මක පර්යේෂණ සදහා යොදාගනී.එසේම මෙම ලුණු වල අවශ්‍ය තරම් අයඩින් මිශ්‍ර නැත එබැවින් ආහාර සදහා එතරම් සුදුසු නැත.අයඩින් ඌනතාවයට විසදුමක් ලෙස පිරිපහදු නොකළ ලුණු භාවිතය පලක් නැත . අශුද්ධ ලුණු ඇතැම් රසායනික දුව්‍ය නිපදවීමට සුවද විලවුන් නිපදවීමට සබන් වර්ග නිපදවීමට ඇතැම් ඖෂධ වර්ග නිපදවීමටද යොදාගනී.
ශුද්ධ ලුණු
ආහාර රසවත් කිරීමට හා ඇතැම් කාර්මික නිෂ්පාදනයන් සඳහා ශුද්ධ ලුණු හෙවත් පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගැනෙයිලොව වටා ලුණු නිෂ්පාදනයෙන් 17.5% of ආහාර නිෂ්පාදනයට යොදාගනී. ලුණු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් කාර්මික නිෂ්පාදනයන් සදහා යොදා ගැනීම නිසා ල්රණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ආර්ථික වාටිනාකමින් ඉහළ වෙළද භාණ්ඩයක් ලෙස සැළකිය හැකිය. උදාහරණ ලෙස පල්ප කඩදාසි ඩයි වර්ග සෑදීමට අත්වැසුම් නිෂ්පාදනයේ දී හා සබන් නිෂ්පදනයේ දී ලුණු රසායනික අමුදුව්‍යයක් ලෙස හා උත්තේජකයක් ලෙස යොදාගනී. ලුණු නිෂ්පාදනය යනු ඉතා පැරණි රසායනික කර්මාන්තයකි. ලුණු නිෂ්පාදනය කරන්නේ මුහුදු ජලය වාෂ්ප කිරීම මගින් ජලය ඉවත්කර ඉතිරිවන සෝඩියම් ක්ලෝරයිඩ් නිස්සාරනය කරගැනීමෙනි,; අභ්‍යන්තර විල් හෝ මුහුදු කාලයක් තිස්සේ වාෂ්පීකරණයට ලක්වීමෙන් ගොඩබිම ඇතිවන ලුණු කඳු නිර්මානයවේ. පිරිසිදු ලුණු තුලද ස්වල්ප වශයෙන් මැග්නීසියම් හා කැල්සියම් යන මූලදුව්‍ය අඩංගුවේ. වැඩිදුරටත් සිදුකරන වාෂ්පීකරන අවධිවලදී පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් පමණක් ලබාගැනීමේ හැකියාවද පවතී.
මේස ලුණු
මේස ලුණු යනු පිරිසිදුකරන ලද ලුණුය.මෙම මේස දුණු තුල 97% ත් 99% අතර ප්‍රමාණයක සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු අඩංගුය. මෙම ලුණු ආහාර රසවත් කිරීම සදහා යොදාගනී.මෙම මේස ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම සිදුවේ.එමගින් මිනිස් සිරුරට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලබාගත ඇකිය.කෙසේ වෙතත් අයඩින් මිශ්‍ර ලුණු හිරු එළියට නිරාවරණයවීමෙන් අයඩින් විනාශවේ.අයඩින් සහිත මෙස ලුණු පිෂ්ඨය හා එක්වූවිට දම්පැහැයට හැරේ.මෙමගින් ලුණුවල අට අයඩින් මිශ්‍රකර ඇද්ද යන්නවග සොයාබැලිය හැක.අයඩින් ඌනතාවය නිසා ගලගණ්ඩය වැනි රෝග සෑදේ.
කුළුබඩුවක් ලෙස
බොහෝ ආසියානු සංස්කෘතීන්වල කුළුබඩුවක් ලෙස ආහාර රසවත් කරගැනීමට ලුණු භාවිතා කරයි.ලෝකයේ බොහෝ රටවල් වලද විවිධ ආහාර වර්ග නිපදවීමේදී ආහාරවල රසය වැඩිකරගැනීමට ලුණු භාවිත කරයි තවද අයඩින් ඌනතාවය අවමකිරීම සදහා ආහාරයට ගන්නා ලුණු වලට අයඩින් මිශ්‍ර කිරීම සිදුවේ.
ලුණු අධිකව ආහාරයට ගැනීම විවිධ රෝගාබාධ ඇතිවීමට හේතුවේ.
- හෘදය රෝග ඇතිවීම.
- අධි රුධිර පීඩනය
- වකුගඩු ආබාධ.
- පිළිකා අම්ලපිත්තය.
- ඔස්ට්රිෙයෝපොරෝසීස්.
- උදරීය පිළිකා මරණය
මේ ආකාරයට අධිකව ලුණු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතාමත් අහිතකරය
උපුටා ගැනීම - ලුණු විකිපීඩියා