සැමන් කියලා අපි කන්නේ ඇත්ත සැමන් මත්ස්‍යයින් ද?
මේ දවස් වල සැමන් ටින් එකක් ගන්න ලේසි නැහැ. සමහර වෙලාවට හොයාගන්නත් නැති තරම්. වසර දාස් ගාණක ඉඳල සැමන් මාළුවා ආහාරයක් විදිහට මිනිසුන් අතරත් සමහර සතුන් අතරත් ඉතා ජනප්‍රියයි. හැබැයි ලංකාවේ අපි සැමන් කියා කියා කෑවට අපි කන්නේ ඇත්තම සැමන් නෙවෙයි. සැමන් කියලා කන්නේ මැකරල් එහෙමත් නැත්නම් සාඩින්.
සැමන් මාළුවා කිලෝ 50කටත් වඩා බර මීටර් 1 1/2 ක් පමණ දිග මත්ස්‍යයෙක්. සැල්මොනිඩාඑ ( Salmonidae) කියන පවුලට අයත් මේ මත්ස්‍ය විශේෂයේ ට්‍රවුට්, චාර් හා ග්‍රේයිලින්ග් වැනි උප වර්ග තියෙනවා. මේ අයගේ ප්‍රධාන ස්වාභාවික වාස භූමිය අත්ලාන්තික් හා පැසිෆික් සාගරය.
විවිධ හේතූන් නිසා දැන් නම් මොවුන් වදවීමේ තර්ජනයකට ලක්වෙලා. හැබැයි ඒ දඩයක්කරුවන් නිසාම නෙවෙයි. මේ මාළු බිත්තර එහෙමත් නැත්නම් පැටව් දාන්නේ ජීවිතේට එක පාරයි. මොවුන් ටිකක් වෙනස්. සාගරේ ජීවත් වුනාට බිත්තර දාන්න නම් ඒ අය ඉපදුනු ස්ථානය හොයාගෙන යා යුතුයි.
නෝර්වේ/ ස්වීඩනය/ඩෙන්මාර්කය/ බ්‍රිතාන්‍ය / ස්කොට්ලන්තය./ අයර්ලන්තය./ කැනඩාව./ එක්සත් ජනපදය./ ඇලස්කාවේ ප්‍රදේශ වල තමයි මේ සැමන් මාළුන්ගෙන් මව් බිම් පිහිටල තියෙන්නේ. මේ ගමනට සති දෙක තුනේ ඉඳල මාස අට , නමය දක්වා ගෙවෙන අවස්ථා තියනවා.මේ හැම මාළුවෙක්ම දන්නවා මේක අවසන් ගමන කියලා. මිනිසා, වලස්සු, බීවරයො.. තාරාවො,උකුස්සො ආදී දඩයක්කාරයන්ගෙන් පිරිච්ච මේ ගමන ජීවිතයත් මරණයත් අතර සටනක්. ඒ මදිවට මිනිස්සුන්ගෙ සංවර්ධන වැඩ නිසා සමහර ඇල පාරවල් හිඳිල ගිහින්. නැත්නම් ඒ හරහා පාලම් , බැමි , නගර ඉදිවෙලා. මෙහෙම අතර මග නැවතෙන සැමන් මත්ස්‍යයින්ට ආපහු සාගරයට යන්නෙ නෑ. එක අතකින් මේ ඒ අයගෙ ජීවන චක්‍රය.. අනිත් අතින් ආපහු පීනල යන්න ශක්තිය ඉතුරු වෙලා නැහැ.