දේශබන්දු පත්කළේ ඇයි..? විපක්ෂ නායකගෙන් විශේෂ හෙළිදරව්වක්..
Ranil Wickremesinghe
Sajith Premadasa
Sri Lanka Cabinet
Deshabandu Tennakoon
Latest Headlines
By Sewvandhi
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බවයි.
පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිව ඇති බවයි, ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.
සාමාජිකයින් දෙදෙනෙකු ඡන්ද විමසීමට සහභාගී නොවූ බව විපක්ෂනායකවරයා පවසයි. එසේම එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ඔහු පවසයි.
විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවය. ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ඔහු සිය X පණිවුඩයෙන් පෙන්වාදෙයි.
එම X පණිවිඩය පහතින්..
