දේවගැති ජෙරම්ගේ ප්‍රකාශයට සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රතිචාරයක්.. (PHOTO)
ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.
නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස තමා දේවගැතිවරයාගේ ප්‍රකාශය පිළිබදව අතිශයින්ම කනගාටුවට පත්වන බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ය.
මේ අතර, ඉරිදා දිනයේ යළි මව්බිමට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ය.
පෙර යොදාගත් අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් තමන් දිවයිනෙන් බැහැරව ගිය අතර යළි ඉරිදා දිනයේ දි දිවයිනට පැමිණෙන බව ඔහු එහිදි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
එහිදී බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශවවලින් ඔහුට චෝදනා එල්ල විය.
ඉන් පසුව පාර්ශව කිහිපයක් දේවගැතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම දේවගැතිවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව හරහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේ ය.
කෙසේවෙතත්, මෙවැනි පසුබිමක් තුළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවයිනෙන් පිටත් විය.
මේ අතර (16) වෙනිදා දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
