සජිත් ජනපති සටනින් ඉවතට යයි.. සමගි ජනබලවේගයේ විශාල පිරිසක් එජාපයට..

United National Party Palitha Range Bandara Ranil Wickremesinghe Sajith Premadasa Samagi Jana Balawegaya
By Aruna Feb 29, 2024 06:24 PM GMT
Report

සමගි ජනබලවේගය නියෝජනය කරන විශාල පිරිසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වනු ඇති බව එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් විශේෂ අනාවරණයක් සිදු කරනවා.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මාර්තු මාස 10 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් කුලියාපිටිය ප්‍රදේශයේ රැළියක් සංවිධාන කර තිබෙන බවයි පැවසෙන්නේ.

එහි දී පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය ක‌ළේ, සමගි ජනබලවේගය නියෝජනය කරනු ලබන විශාල පිරිසක් සිය පක්ෂය සමඟ එක් වන බවයි.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යාල වනයට ගොස් සිටිමට සිදු වනු ඇති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාව ආරක්ෂා කිරීම සඳහා යාල වනය තුළ හෝටලයක් ඉදිකර ඇති බවයි පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

කණ්ඩායම් 85කට අධික කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට නියමිත බව ද හෙතෙම ප්‍රකාශ කලා.

පසුගිය සති අන්තවල ඇතැම් දේශපාලන නායකයින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සිදු කළ බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරන බවටයි.